ඉහත රූපය

අනුරාධපුර මහමෙවුනාවේ... 1989 අසාර්ථක ජේවීපී සටනට දෙවන වරටත් සහභාගිවී (පළමුවර 1971 අසාර්ථක ජේවීපී සටන)බූස්ස පුනරුත්ථාපන කඳවුරේදී මට හමුවූ "බුලට්" නොහොත් "රොබට්" සීයා සමඟ ගත් සේයාරුවක් - මගේ අදියුරුවම අනුව සේයාරුව ගත්තේ ආචාර්ය පියසිරි විජයසේකර (මා ආදරේට කියන්නේ සිරි අයියා කියා)විසිනි.
Showing posts with label වර්ග නොකල. Show all posts
Showing posts with label වර්ග නොකල. Show all posts

November 20, 2010

" පුන්‍යානුමෝදනාව " ... සයිබර් අවකාශයේ මගේ ආරම්භය - 2010 නොවැම්බර් 20දා

"මතක සුළං"

බ්ලොග් එකට එබෙන හිතවත් සියළුම සහෘදයින්ගෙන් අවසරයි...

අපේ සුභාෂ් මලයගේ හා ඉන්ද්‍රනාථ මලයගේ බ්ලොග් කියව කියවා හිටි මගේ හිතේ කාලයක් තිස්සේ පළපැදියම් වෙලා තිබුනු අදහසක් තමයි මේ අද ඵල ලැබුවේ.

සුභාෂ්  හා ඉන්ද්‍රනාථ දෙපැත්තෙන්ම උදව් කළා.

නමුත් සුභාෂ් මලයා ලංකාවේ ඉන්නා නාෂ්/ලිෂ්විෂ් මලය එක්ක පෙරමුණගත්තා.

කොහොම කොහොමින් හරි වැඩේ උනා.

මේ සියළු දෙනාටම පින් අනුමෝදනා කරන්න කැමතියි පළමුවෙන්ම.

ඒක දැන් එහෙම වුනැයි කියලා හිතමුකෝ...

දැන් ඉතිං මං මොන මොනවා හරි ලියන්නම්...

මං හිතනවා ඔබට යම් තරමකින් මඟපෙන්වීමක්, අර්ථයක් විය හැකි සුළු දෙයකින් හරි විටින් විට සංග්‍රහ කරන්න පුළුවන් ​වෙයි කියලා.

ඒවා කියවලා මාව දිරිමත් කරන අතරතුරේ මගේද දුර්වලකම් පෙන්වා දීලා මටත් මඟපෙන්වන්න තරම් ඔබ සැම කාරුණික වෙයි කියලා මං හිතනවා ...

එහෙනම් හෙට අනිද්දා අර්ථවත් යමකින්

මගේ  "පියමං කල ළමා වියෙන් " කිසියම් අසංවිධිත මතකයන් ඔස්සේ ඔබ හමුවන අටියෙන්, මේ ආරම්භය...

නැත්නම් පුන්‍යානුමෝදනාව මෙතෙකින් නිමා කරනවා...

සැම දෙනාටම සුභ අනාගතයක්... !!!

විපුල

ඇරඹුම



සිටුකුළයේ කතාවක් කෙටිකතා පොත පලකලාට පසු කිසිවක් නොලියපු නිතර ලියන්නැයි බලකරපු හිතේ සහ සහෘදයන්ගේ මනදොල පුරවනු වස් විපුලත් බ්ලොග් අවකාශේට සැපත් වූ වගයි
එන්න අපි ඇවිද යමු මතක සුළං රැල් දිගේ සුන්දර අතීතයට